අලුත් අවුරුද්දට සැරසෙන හැටි හමුදාපති කියයි


(සුජිත් හේවාජූලිගේ)

අලුත් අවුරුදු සමයේ නෑගම් යෑමත් සීමා කළ යුතු බව ඒම උත්සව සමය වෙනුවෙන් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වෙයි.

ඒසේම ඒළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද පවුලේ උත්සවයක් ලෙස සමරන ලෙසත් ඒම මාර්ගෝපදේශ මාලාව මගින් දැනුම් දි ඇත.

මේ අතර අවුරුදු සමයේ සාප්පුවලට යෑමේදී ජනතාව අනුගමනය කළ යුතු සෞඛ්‍ය නීති පිළිබඳවත් ඒ් සාප්පු හිමිකරුවන් හා කළමනාකාරුවන්  ක්‍රියාත්මක කළ යුතු සෞඛ්‍ය වැඩපිළිවෙළ පිළිබඳවත් මේ මාර්ගෝපදේශ මාලාව මගින් දැනුවත් කර ඇතැයි කොවිඩ් -19  පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ  ප්‍රධානී යුදහමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා  මහතා පවසයි.