අලුත හැදු නිවසක අභිරහස් මරණයක්



(පාලිත ආරියවංශ) 

 
බදුල්ල මහ රෝහලට නුදුරින් පිහිටි ගුරන්දවත්තේ නිවෙස් සමූහයක් මැද පිහිටි අලුතින් හදන නිවාස ගොඩනැගිල්ලක් තුළදී අභිරහස් ලෙස මරණයට පත්වූ පුද්ගලයකුගේ සිරුරක්  අද (15) හමුවී ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.

නිවෙස් හිමියා කරන ලද දැනුම් දීමට අනුව බදුල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. 

මරණකරු මෙම ස්ථානයට පැමිණියේ කුමන කාරණයකට දැයි මෙතෙක් අනාවරණය නොවූ බවද පොලිසිය සඳහන් කරයි.