අලියාගෙන් වෙන්වූ මනෝ ගනේෂන් ඉනිමගේ නගියි


(නිමල කොඩිතුවක්කු)

ඉදිරි පළාත් පාලන මැතිවරණයට කොළඹ මහ නගර සභාව සඳහා දෙමල ප‍්‍රගතිශීලී සන්ධානය වෙනම තරග කරන බව එහි  නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා අද(20) කොළඹදී පැවසීය.

එක්සත් ජාතික පක්ෂය සමග පැවති සාකච්ඡා බිඳ වැටීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඒ මහතා කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස්වල හැසිරීම මෙම තීරණයට බලපෑ බවත් දෙමල ප‍්‍රගතිශීලී සන්ධානය මහවැලි කේන්ද්‍රයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම පැවසීය.

ඒ අනුව කොළඹ මහ නගර සභාව සදහා එකමුතු ප‍්‍රගතිශීලී සන්ධානය ලෙස ඉනිමඟ ලකුණින් තරඟ කිරීමට දෙමල ප‍්‍රගතිශීලී සන්ධානය කටයුතු කරන බවද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් කීය.