වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා අම්පාර හිමිදුරාව වැවේ සිටින අලියා බේරා ගැනිමට බලධාරීන් මෙතෙක් නිසි ක්‍රියා මාර්ගයක් ගෙන නැතැයි පාරසරික සංවිධාන සහ ගම්වැසියෝ පවසති.
පවුල් 5000 ට පමණ ජලය සැපයන හිමිදුරාව වැවේ ජලය අපවිත්‍ර විමෙන් හිමිදුරාව, අභයපුර, පරගහකැලේ වසම් වල ජනයාට මහත් ගැටලු කාරි තත්වයක් උදාවිය හැකි බවද ගම්වාසින් පවසයි.
මාසයකට ආසන්න කාලයක් අලියා වැවේ සිටින නිසා මෙම වැවෙන් ඡලය ලබා ගන්නා වැසියන් ජලය කැමැත්තකින් පානය නොකරන බවත් සමහර ගම් වාසින් පිරිසිදු ජලය මුදලට රැගෙන පානය කිරිමටත් පෙලඹෙන බවත් පවසයි. මෙම වැව ආශ්‍රිතව ධිවර කර්මාන්තයේ යෙදෙන ධිවරයින්ද අලියා වැවේ බැස සිටිම නිසා ධිවර කර්මාන්තයද නිසියාකාරව කර ගැනිමට නොහැකිව සිටින බවද ඔවුහු පවසති.





