අලියා ලකුණට වෙඩි තැබූ කොස්තාපල් රිමාන්ඩ්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සිරිකොත පක්ෂ මුලස්ථානයේ  දී  එක්සත්  ජාතික පක්ෂ මුලස්ථානයේ නාම පුවරුවට හා අලියා ලකුණට  වෙඩි තබා හානි කළ පොලිස් කොස්තාපල සුමිත් ජයවීර  මැයි  15 වැනි දා  දක්වා  රිමාන්ඩ් කිරිමට  නුගේගොඩ මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා  අද (2) නියෝග කළේය.

අමාත්‍යංශ ලේකම්වරයකුගේ පිටකෝට්ටේ එපිටමුල්ලේ නිවසේ රාජකාරියට යමින් සිටි පොලිස් කොස්තාපල්වරයා සිරිකොත ඉදිරිපිට  නාමපූරුවට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගන්නා ලදි. 

මිරිහාන පොලිසියට අනුයුක්තව සේවයකරන සැකකාර කොස්තාපල්වරයා ඊයේ සවස මෙම වෙඩි තැබීම  කර ඇති අතර එම නාමපුරුවේ ඇති අලියා ලංඡනයට වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.