අලියා ලකුණට වෙඩි තැබූ කොස්තාපල් 29 දක්වා රිමාන්ඩ්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඉකුත් මැයි 1 වැනි දා එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ  අලියා ලකුණට  වෙඩි තබා හානි  කළැයි චෝදනා ලැබ රිමාන්ඩ් බාරයේ සිටි පොලිස් කොස්තාපල්  ඒ. ඒ. සුමිත් ජයවීර මැයි 29 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කිරිමට නුගේගොඩ මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා අද (15) නියෝග කළේය.

මෙම කොස්තාපල් වරයා මීගහවත්ත ප්‍රදේශයේ පදංචි කරුවෙකි. ඔහු සතු ටී 56 රාජකාරි ගිනි අවියෙන් එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ  අලියා ලකුණට   වෙඩි තබා ඇත.