ක.ග කරුණාරත්න
පොලොන්නරුව වැලිකන්ද සිංහපුර දිඹුලාන ප්‍රදේශයේ පිහිටි මහවැලි ඉඩමක් තුලදී විදුලිය සැර වද්දවා වන අලියකු මරණයට පත් කිරීමේ චෝදනාවකට අධිකරණයේදී වරද පිළිගත් විත්තිකරුවෙකුට රුපියල් ලක්ෂ 2 ක දඩයක් ගෙවන ලෙසට පොලොන්නරුව මහේස්ත්‍රාත් ලුසාකා කුමාරි ධර්මකීර්ති මහත්මිය අද (02) නියෝග කළාය.
මෙසේ දඩ නියම වූයේ වැලිකන්ද සිංහපුර දිඹුලාන අංක 300 ලිපිනයේ පදිංචි ලංකාධිපති වික්‍රමසිංහ මනමේන්ද්‍රලාගේ සුගතතදාස (52) යන අයටයි.
අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර සිටි විත්තිකරු පොලොන්නරුව වනජීවී කාර්යාලයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

