පුත්තලම කුරුණෑගල පාරේ හතරකණුවේ දී වන අලියකු වරින් වර මාර්ගයට පැමිණෙමින් පැයකට ආසන්න කාලයක් මාර්ගය අයිනේ රැඳී සිටීම හේතුවෙන් වාහන ගමනාගමනයට සඳුදා හවස බාධා එල්ලවිය. ඒ අසළ වනයේ තවත් වල් අලි කිහිප දෙනකු සිටි බව ගැමියෝ කියති. ගැමියන් පවසන්නේ වරින් වර අලි පාරටත් ගමටත් පැමිණෙන බවයි. මේ නිසා රාත්‍රී කාලයේ පාරේ යාම බියකරු බවත් ගමේ සිටින්නේ ද විමසිල්ලෙන් බවත් ඔවුහු කියති.







