අලියා 69 සමරයි


එක්සත් ජාතික පක්ෂයේ 69 වැනි සංවත්සරය අද පෙරවරුවේ සිරිකොතේදී පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

අද පැවැත්වෙන එජාප සමුළුවේ විශේෂ ආරාධිතයා ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සහභාගීවීමට නියමිතය.

ශ්‍රී ජයවර්ධනපුර අගනුවර, පිටකෝට්ටේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත ඉදිරිපිට මහ පාරේ ‘අභිමානවත් 69 සමරමු‘ යනුවෙන් තොරණක් නිර්මාණය කර ඇති අතර ඩිජිටල් තාක්ෂණයද ඊට යොදා ගෙන ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡායාරූපයක්ද එහි වෙයි. පක්ෂ ආධාරකරුවෝද විශාල පිරිසක් එ් අසල එක්වී සිටිති.

එහිදී සංවත්සර සභාව ඇමතූ අගමැති කියා සිටියේ ජාතික ආණ්ඩුවක් යනු අධිවේගී මගේ හොඳ හයිබ්‍රිඩ් වාහනයකින් ගමනක් යාම වැනි බවයි. හොඳින් සීට් බෙල්ට් දමාගෙන සැප පහසුවෙන් යා හැකි බවත් මාර්ගය පළල් බවත් නමුත් නින්ද ගියොත් අනතුරක් වන්නට හැකි බවත් කීවේය. ජනපති හා තමා එසේ නින්ද නොයන රියදුරන් බව අගමැතිවරයා එහිදී පැවසීය.

1538788_158201514519864_2254007458319345222015963_n 10405686_158201534519862_4344873915165301315201596_n 11947648_158201504519865_4202797624692429475-201596_n

(ඡායාරූප - ෆේස්බුක් වෙබ් අඩවිය ඇසුරිනි)