අලිමංකඩ ලුණු ලේවායේ උතුරු කොටස සංවර්ධනය පෞද්ගලික අංශයට


( සුජිත් හේවාජුලිගේ )
 

අලිමංකඩ ලුණු ලේවායේ උතුරු කොටසට අයත් කුරුන්චන්තිව්  ලුණු ලේවායේ  සංවර්ධනය පෞද්ගලික ආයෝජකයකුට පැවරීමට රජය තීරණය කර ඇත.
 
 මේ පිළිබඳව අදහස් දැක්වු  කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යංශයේ නිලධාරියෙකු පැවසුයේ රාජ්‍ය හා පෞද්ගලික අංශ හවුල්කාරී පදනමක් මත  මෙම ලුණූ ලේවායේ සංවර්ධන කටයුතු සිදු කරන බවයි.
 
 මේ සඳහා  ඇස්මේන්තු කර ඇති මුදල  රුපියල් කෝටි 50 කි. උපරිම මෙහෙයුම් තත්ත්වයන් යටතේ මෙහි ලුණු මෙට්‍රික්ටොන්  30,000ක්  උපදවාගත හැකි බව අමාත්‍යංශය පවසයි.