අලිමංකඩ උපවාසේ ඉවරයි


හම්බේගමුව - උඩවලව ජාතික වනෝද්‍යානයේ සිට බලන්ගොඩ හම්බේගමුව පාරේ දහයියාගල දක්වා අලි ඇතුන් දෙතුන් සියයක් දිනකට එහා මෙහා යන අලිමංකඩ තම ඉඩම මැදින් ඉදිකරතියි දහයියාගල හය දෙනකු දින පහක් තිස්සේ කළ උපවාසය අද අවසන්විය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව වනජීවි නිලධරයන් අලිමංකඩ ඉදි නොකරතියි කියමින් උපවාසය කළ අයට ගැමියෝ 500 දෙනෙක්  පමණ සහාය වූහ. වනජීවි ඇමැති එස්.එම්.චන්ද්‍රසේන, වනජීවි අධ්‍යක්ෂ ජනරාල් එච්.ඞී. රත්නායක හා දකුණු පළාත් බාර වනජීවි අධ්‍යක්ෂ කේ.එච්. සුමනසේන මහත්වරුන් බෝගහපට්ටිය හා දහයියාගල ගැමියනට පොරොන්දු වුයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ගැමියන්ගේ ඉඩම් බේරා අලිමංකඩ ඉදිකරන බවයි. යම් ඉඩමක් ඊට අසුවුවහොත් ඔවුනට වෙනත් තැන්වලින් ඉඩම් දෙන බව ද ඇමැති ප‍්‍රතිඥා දුන්නේය.