අලින්ට කිරි පොවන්න බැරිවෙයි


පින්නවල අලි අනාථාගාරයේ අලි පැටවුන්ට කිරි ලබා දිමේ අවසර පත්‍රය නවත්වා ඇතැයි දෙස් විදෙස් සංචාරකයෝ කියති.

පින්නවල අලි අනාථාගාරයේ සිටින අලි පැටවුන්ට කිරි දීමේ ටිකට් පත රුපියල් 350 ක මුදලට ලබා ගත් පසු දෙස් විදෙස් සංචාරකයන්ට පින්නවල අලි අනාථාගාරය මගින් පැටවුන් සදහා ලබා දෙන බෝතල් වලට පිරවු කිරි එහි පුහුණුව ලැබු සේවකයන් යටතේ අලි පැටවුන්ට පෙවීමට අවස්ථාව ලැබේ. අලි පැටවුන්ට ලබා දෙන කිරි වේල් දවසකට වාර 3 ක් ඇති අතර උදැසන 9.15-දහවල් 1.15 හා පස්වරු 5.00 යන වේල් තුනෙන් එක වේලක් සඳහා ටිකට් පත් 30 ක් පමණ නිකුත් කරන අතර දිනකට රුපියල් 30 000 ට ආසන්න මුදලක් සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුවට ලැබෙන බව එහි නිලධාරියෙක් පැවැසීය.

මිට අමතරව අලින්ට පළතුරු ලබා දිමේ ටිකට් පතක්ද සංචාරකයන්ට නිකතු කරනු ලබයි.

තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පැවසුයේ දරුවෙකුට කිරි පෙවුවත් පිරිසිදුව කිරි පෙවිය යුතු බවත් ලැබෙන ලාභයට වඩා සතුන්ගේ ශරිර සෞඛ්‍ය තත්වය ගැන සිතා එය නැවැත්වු බවයි.

කිසිදු පුහුණුවක් නොලබා නරඹන්නන් කිරි පිරවු බෝතල් වලින් පෙවීමේදි යම් ගැටළු උදා විමටද හැකියාව ඇති බවයි. වැඩි වශයෙන් අලි පැටවුන්ට ව්‍යායාමයක් නොලැබෙන බවද වැඩි කාලයක් කොටු කර තැබිම යම් පෝෂණ ගැටලු ඇතිවිය හැකි බවද මුදලට ටිකට් පත් අලෙවිය නවතා දැමුවද අලි පැටවුන්ට ලබා දෙන කිරි වේල් ප්‍රමාණය කිසිවිටක නවත්වා නොමැති බවද අමාත්‍යවරයා පැවැසිය.

PINNAWALA-KIRI20151020-0 PINNAWALA-KIRI20151020-1