(කාංචන කුමාර ආරියදාස)
හොරොව්පතාන අලි රැදවුම් මධ්‍යස්ථානයේ සිටින වන අලින්ගේ ආහාර සඳහා දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානය ඉවත් කරන එළවළු සහ පළලතුරු රැගෙන යෑමට වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා අද ( 22) අලුයම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණියේය.
අනතුරුව දඹුල්ල මහනගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතාගේද සහය ඇතිව එම එළවලු පළතුරු වනජීවී දෙපාර්තමේන්තුවේ වාහන වලට පුරවා ගෙන හොරොව්පතානට රැගෙන යාමට පියවර ගත්තේය.
නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා වන ජීවී දෙපාර්තමේන්තුවේ කිහිපදෙනෙකු ද එක්ව අලුයම 3ට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ ආර්ථික මධ්‍යස්ථානය ඉවත් කරන එළවළු සහ පලතුරු සියල්ල ලොරි රථවලට පටවා ගැනීම සිදු කළහ.
නියෝජ්‍ය අමාත්‍යවරයා වන අලින්ට රැගෙන යන මෙම එළවළු සහ පලතුරුවල ඇති පොලිතින් සහ අලින් ආහාරයට නොගන්නා ද්‍රව්‍ය ඉවත් කර ආහාර අලින් ආහාර ගන්නා එළවළු සහ පලතුරු පමණක් පටවා ගැනීම මෙහි විශේෂත්වයක් විය.
පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා සහ නගරාධිපතිවරයාද එළවළු පලතුරු වාහනවලට පැටවීමට සෙසු පිරිසට උදව් කළහ.
නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා කියා සිටියේ දැනට හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින්නේ රටේ විවිධ ස්ථානවල ගැවසුනු දරුණු ගණයේ වන අලි බවත් ඔවුන් මෙල්ල කිරීම සඳහා එක් ස්ථානයකට ආහාර රැගෙන ගොස් දැමීමෙන් යම් මට්ටමකින් මෙල්ල වීමට ඉඩ ඇති බවයි.
එමෙන්ම හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථාන විදුලි වැට කඩා වන අලින් පැනයෑම මෙයින් අඩුවන බව පැවසු අතර වනජීවි දෙපාර්තමේන්තුව මඟින් දිගින් දිගටම වන අලින්ට විවිධ ආහාර වර්ග රැගෙන ගොස් ලබාදීම සිදුකරන බවද සඳහන් කළේය.
තමන් අලුයම 1.00 ට පමණ හොරොව්පතානෙ සිට දඹුල්ලට පැමිණීමට පිටත් වූ බවත් නගරාධිපති ජාලිය ඕපාත මහතාට ඊට පෙර දින තමන් පැමිණෙන බව දැනුම් දී මෙසේ පැමිණි බවත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වන අලින්ට සුදුසු ආහාර රැසක් ඉවත් කරන බවට තමන් පෞද්ගලිකව දැන සිටි නිසා මෙම එළවළු පලතුරු රැගෙන යෑම සඳහා පැමිණි බවද හෙතෙම සඳහන් කළේය.
වනජීවි දෙපාර්තමේන්තුවට අයත් ලොරි රථ දෙකකට එළවළු සහ පලතුරු පැටවූ අතර නියෝජ්‍ය අමාත්‍යවරයා ගමන් ගන්නා කැබ් රථය පිටුපසටද එළවළු සහ පලතුරු පටවා ගැනීම මෙහිදී තවත් විශේෂත්වයක් විය.
පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා සහ නගරාධිපතිවරයාද එළවළු පලතුරු වාහනවලට පැටවීමට සෙසු පිරිසට උදව් කළහ.
එමෙන්ම හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථාන විදුලි වැට කඩා වන අලින් පැනයෑම මෙයින් අඩුවන බව පැවසු අතර වනජීවි දෙපාර්තමේන්තුව මඟින් දිගින් දිගටම වන අලින්ට විවිධ ආහාර වර්ග රැගෙන ගොස් ලබාදීම සිදුකරන බවද සඳහන් කළේය.