අලි හොරකම වැළැකේ
රිටිගල රක්ෂිතයෙන් අල්ලා ගන්නට ඇතැයි කියන අවුරුදු දෙකක පමණ අලි පැටවකු හොරෙන් ගෙන යෑමට ගත් උත්සහය අසාර්ථක විය. අලි පැටියා මඟ දමා ගොස් තිබියදී සොයාගත් බව වනජිවී නිලධරයෝ කියති. මව් ඇතින්නට අනතුරක් කැර පැටවා අල්ලා ගන්නට ඇතැයි කිරි නැතිව දින කිහිපයක් සිටි පැටවා බැඳ තුබූ ලකුණු ඇතැයි ද ඔවුහු පවසති.

