දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයෙන් ඉවත් කරන කුණු දිගම්පතහා රජයේ රක්ෂිතයට ගෙන දැමීමත් සමග ඒවා ආහාරයට ගැනීම සදහා වල් අලි වසර ගණනාවක් තිස්සේ පුරුදුව සිටිති.
අලි 17 දෙනකුගෙන් යුත් රංචුවක් වෙනදා මෙම ස්ථානයට පැමිණියත් දැන් පැමිණෙන්නේ 10 දෙනකු පමණි. ගම්වාසින් පවසනුයේ මෙසේ පැමිණෙන අලි පොලීතීන් ආහාරයට ගැනීම නිසා ඔවුන් මිය යන්නට ඇති බවයි.