අලි සංවිධායකට කුණුහරුපෙන් බැනලා : මරන තර්ජනත් එල්ල කරලා


පාරම්පරික හීලෑ අලි සංසදයේ සභාපති හා හීලෑ අලි සංගමයේ සමස්ත ලංකා සංවිධායක රාජසිංහ සිරිනාත සේනානායක මහතාට දුරකතනයෙන් මරණ තර්ජන එල්ල කළ බවට පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය පරීක්ෂණ අරඹා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

අලි සම්බන්ධව මාධ්‍යයට තොරතුරු දිම සම්බන්ධයෙන් දුරකථනයෙන් අසභ්‍ය ලෙස බැන වැදි ජීවිත තර්ජන එල්ල කළ බවට කටුගස්තොට පොලිසියට අද (14) දින පැමිණිල්ලක් ලැබුණු බව පොලිසිය පවසයි.