(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ කේ බුද්ධික කුමාරසිරි)
ව්‍යජ බලපත්‍රයක් උපයෝගි කරගෙන අලියෙකු සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් අලි රොෂාන් නැමැත්තා ඇතුළු තිදෙනා රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප මත හා රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කැස්බෑව මහේස්ත‍්‍රාත් රුචිර වැලිවත්ත මහතා අද (07) නියෝග කළේය.
එලෙස ඇප මත මුදා හරිනු ලැබුවේ පන්නිපිටිය පැලැවත්ත ගැමුණු මාවතේ පදිංචි නිරන්ජන් රොෂාන් නොහොත් අලි රොෂාන් හා වන ජීවී දෙපාර්තමේන්තුවේ හිටපු ලිපිකාරිනියක වූ ප්‍රියංකා සංජීවනි හා හිටපු නිලධාරී උපාලි පත්මසිරි යන අයවලුන්ය.
ඇප නියම වූ දෙවැනි තුන්වැනි විත්තිකරුවන්ට ඇප කොන්දෙසි සපුරා ගත නොහැකි වු හෙයින් බන්ධනාගාර ගත කෙරිණි.

