අලි රොෂාන්ගේ පිරිසක් මාධ්‍ය සහායකයකුට පහරදීලා


අධිකරණ නියෝගයක් අනුව ව්‍යාජ ලේඛන සහිත අලි පැටවුන් දෙදෙනෙක් වනජීවී භාරයට ගැනීමට බදාදා (07)පස්වරුවේ ඇරැව්වල, පන්නිපිටියේ අලි රොෂාන් ගේ නිවසට පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් හා වනජීවී දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් ගිය අවස්ථාවේදී මාධ්‍ය සහායකුට අලි රොෂාන්ගේ පිරිසක් පහර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි .

පහර කෑ මාධ්‍ය සහායකයා අලි රොෂාන්ගේ නිවසේ තාප්පයෙන් පිටත සිටි බවත් ඔහු පැමිණි යතුරුපැදියට ද පහර දීමෙන් හානි සිදුවී ඇති බවටත් පිළියන්දල පොලිසියේ පැමිණිල්ලක් කර ඇත.

අලි රොෂාන්ගේ බිරිඳට ද මෙම මාධ්‍ය සහායකයා පහර දී ඇතැයි අලි රොෂාන්ගේ බිරිඳ ද පැමිණිල්ලක් කර ඇති අතර පහරදීම සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය මේ වන විට පරික්ෂණ අරඹා ඇති බවත් දෙපාර්ශවයම සාමදාන වීමට කැමැත්ත ප්‍රකාශ කළ බව දන්වා ඇති බවත් පොලිසිය පවසයි.