අලි රොෂාන් ඇතුළු සැකකරුවෝ නිදහස්



 
මනෝප්‍රිය ගුණසේකර
 
නීති විරෝධීව වන අලින් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් හත් දෙනකුට පවරා තිබූ නඩුවෙන් ඔවුන් නිදහස් කිරීමට ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඬුල්ල අද නියෝග කළේය.
 
මෙම නඩුව විභාග කිරීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නැතැයි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ පේමරත්න මහතා ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් සැළකිල්ලට ගෙන මෙම විත්තිකරුවන් නිදහස් කිරීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.
 
සම්පත් විජේරත්න, සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී යන මහත්ම මහත්මීගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ අද නඩුව කැඳැවිණි.