අලි-මිනිස් ගැටුමට සජිත් විසඳුම් සොයයි


අලි මිනිස් ගැටුම පවතින ප්‍රදේශවල අලින් විසින් විනාශ කරනු ලබන නිවාස වෙනුවට නව නිවාස ඉදිකරදීමට කටයුතු කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (21) බත්තරමුල්ලේ පැවැති සාකච්ඡාවකදී පැවසීය.

ප්‍රජා සහභාගීත්වයෙන් ඒකාබද්ධ වනජීවී සැලැස්මක් ක්‍රියාත්මක කිරීමේ අවකාශය පිළිබඳව සාකච්ඡා කිරීමට තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී ඒ බව පැවසූ අමාත්‍යවරයා අලි ඇතුන් නිතර ගැවසෙන ප්‍රදේශ හැර ආරක්ෂිත ස්ථානවල එම නිවාස ඉදිකිරීමටත් වඩාත් සුරක්ෂිත අභ්‍යන්තර වී ගබඩා ඉදිකිරීමටත් තීරණය කළේය.

12050651_201592110207904174908643_1134081792_o-(1)