අලි මවත් පැටවාත් බැකෝ උදව්වෙන් ගොඩ එති


පොළොන්නරුවේ වැලිකන්ද පැරකුම්යායේ වගා ළිඳකට වැටී සිටි අලි මවක හා පැටවකු ත්‍රිකෝණමඩු රක්ෂිතයට මුදා හැරීමට ගිරිතලේ වනජීවී කාර්යාලයේ නිලධාරීහු කටයුතු කළහ. සිකුරාදා රාත්‍රී අලි දෙදෙනා වගා ළිඳට වැටෙන්නට ඇතැයි ගැමියෝ කියති. බැකෝ යන්ත්‍රයක් උපයෝගී කරගෙන වගා  ළිඳේ එක් පැත්තකින් මාර්ගයක් සාදා අලි මවටත් පැටවාටත් ගොඩ ඒමට ඉඩ සලසා තිබිණි.

DSC_0718 DSC_0719 DSC_0722 DSC_0729