අධිකරණය මගින් ලබාදුන් නියෝගයක් මත අලි රොෂාන්ගේ මහරගම පන්නිපිටියේ නිවසින් පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් හා වනජීවී දෙපාර්තුමේන්තුවේ හදිසි වැටලිම් ඒකකයේ නිලධාරින් සඳුදා (31) අත් අඩංගුවට ගත් අලින් දෙදෙනා නඩු කටයුතු අවසාන වන තුරු රඳවා තබා ගැනීමට පින්නවල අලි අනාථාගාරයට රැගෙන ආවද අලින්ගේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කර සනාථ කර භාර ගැනිමට පශු වෛද්‍යවරු නොමැතිකම නිසා පින්නවලට ගෙන ආ අලින් දෙදෙනා පටවා ගෙන ආ ලොරි රථ පැය 3 ක් පමණ රඳවාගෙන සිටි බව වනජීවි නිලධරයෝ කියති.
එහි සිටි නිලධරයකු විසින් ඉහළ නිලධාරීන්ගේ උපදෙස් රැගෙන නිත්‍යානුකුලව අලි භාර දීම සඳහා පසුදා වනතුරු රැඳී සිටිමට පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් හා වනජීවී දෙපාර්තුමේන්තුවේ හදිසි වැටලීම් ඒකකයේ නිලධාරින් 10 දෙනෙකුට පමණ සිදු වු බව වනජීවි දෙපාර්තුමේන්තුවේ සෞඛ්‍ය අංශ භාර වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා පවසයි.



