අලි පිටේ ගමන් යාමට නීති ගේන්න යයි


(කාංචන කුමාර ආරියදාස )
 
සත්ව හිංසාව වැළක්වීම සදහා අලි පිටේ ගමන් කරන සෆාරි ක්‍රමය නැවතීම හෝ ඊට දැඩි නීති රීති ක්‍රියාත්මක කිරීමට වනජීවී දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබීමත් සමඟ ලංකාවේ අලි සෆාරි කර්මාන්තයේ නියැලෙන ජනතාවට බලවත් අසාධාරණයක් සිදුවන බව එම සංවිධාන චෝදනා කරති .

අලි සෆාරි මෙරට ආරම්භ කර ඇත්තේ මීට වසර 28 කට පමණ පෙර හබරණ නගරයෙනි එක විදෙශිකයකුගෙන් ඩොලර් 30ක මුදලක් අයකරමින් හබරණ සිගිරිය,කණ්ඩලම,පින්නවල ආදී ප්‍රදේශවල දැනට අලි සෆාරි ක්‍රියාත්මක වෙති .

වනජීවී ඇමැති ජයවික්‍රම පෙරේරා මහතා පසුගියදා සදහන් කර තිබුණේ පෙරහර වලට පවා අලින් ලබා නොදී අලින්ට වඩාත් පීඩා වන ආකාරයට විදේශිකයන් පටවාගෙන අලි සෆාරි සිදු කරන බැවින් ඒ සදහා නීති රීති ගෙන එන බවත් අලි සෆාරි පිළිබඳව තීරණයකට එළබෙන බවයි .