අලි පැටියා හිටි ගමන් මැරේ


අධිකරණ නියෝග මත උඩවලව ඇත් අතුරු සෙවනට බාර කළ වයස අවුරුදු තුන හමාරක් පමණ වූ අලි පැටවකු අද (28) අලුයම හදිසියේ මිය ගිය බව වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච් ජී රත්නායක මහතා කියයි.

ඉකුත් මැයි අට වැනි දා ගන්නෝරුව කනිටු විදුහල් මාවතේ නිවසක් අසල රඳවා සිටිය දී වනජීවී නිලධාරීන් බාරයට පත් විය.

හොරණ කහටපිටියේ ලංකා විජේසිංහ හා ඇත් ගොව්වකු වන ඩබ්ලිව් ආර් සෝමරත්න ඒ සම්බන්ධයෙන් මහනුවර දී රිමාන්ඩ් කරනු ලැබූහ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව් ඒ ඒ ඩී යූ ඉන්ද්‍රජිත් මහතා අලි පැටවා මළ බව මහනුවර අතිරේක මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා වෙත දැන්වීය.

pizap.com14065508617821(1)