අලි පැටියා මඩේ එරිලා


උඩවලවේ සිඳි ගිය මව්ආරේ අවුරුදු හතරක පමණ අලි පැටවකු මඩේ එරී සිටින බවත් කිසිවකු අලි පැටවාගේ වලිගය කපාගෙන ගොස් ඇති බවත් වනජීවී නිලධරයෝ කියති.

ඉතා දුර්වල තත්ත්වයෙන් පසු වන අලි පැටියාට ප්‍රතිකාර කිරීම අරඹා ඇත.

ඒ නුදුරෙහි තවත් අලියකු මඩේ එරී සිටිතියි වනජීවී ආරංචි කියයි.