අලි පැටවා කළ ගුණ දක්වයි


කැකිරාව කුඹුක්වැව ආනාරක්ෂිත වගා ළිඳකට වැටුණු වල් අලි දෙදෙනකුගේ දිවි බේරා ගැනීමට වන ජීවී නිලධරයෝ සමත් වුහ.

කුඹුක්වැව ශ්‍රී සුදර්ශනාරාමාධිපති ළිඳවැවේ සුමනජෝති හිමියන් ඇතුළු ගම්වාසීන්ගේ දැනුම්දීම මත ලොකු අලියාත් මාස පහේ අලි පැටවාත් ගොඩ ගැනීමේ මෙහෙයුම ඇරැඹිණි

අලි පැටවා ගොඩගත් සැණින්  විමලජෝති හිමියන් ඉදිරිපිට හොඬය හා දෙදන නමාගෙන සිටීම සියලු දෙනාගේ  පුදුමයට හේතු විය.

මවගෙන් හා රැලෙන් වෙන් වු මෙම පැටවා පණ්ඩුලගම වනජීවී කාර්යාලයයට භාරදීමට නියමිතය.