පොලිස් අපරාධ දෙපාර්තුමේන්තුව මගින් කළ විමර්ශන වලදී ව්‍යාජ ලිපි ලේඛන මත රඳවා ඇති අලි බලපත්‍ර අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු විවිධ ප්‍රදේශවල පුද්ගලයින් සතු අලි 11 දෙනකු කොළඹ අධිකරණයෙන් දුන් නියෝගයන් මත අද (5) එම අලි අත්අඩංගුවට ගැනිමට පොලිස් අපරාධ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා වනජීවි දෙපාර්තමේන්තුවේ හදිසි වැටලීම් ඒකකයේ නිලධාරින් වැටලීම් ක්‍රියාත්මක වෙයි.
මේ වන විට ව්‍යාජ බලපත්‍ර සහිත අලින් 4 දෙනෙකු වනජීවී දෙපාර්තමේන්තු භාරයට ගැනීමට කණ්ඩායම් පිටත් කර යවා ඇති බව වනජීවි දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.ජී.රත්නායක මහතා පැවසීය.
මේ වන විට බණ්ඩාරගම වීදියගොඩ වයස පහහමාරක පමණ අලි පැටවකු හා නාරම්මල විහාරයක අලි පැටවකු අත් අඩංගුවට ගත් බවද රත්නායක මහතා පැවසීය.
වනජීවි දෙපාර්තුමේන්තුව මගින් මීට පෙර ව්‍යාජ බලපත්‍ර සාදා තබාගත් අලින් 7 දෙනකු අත් අඩංගුවට ගත් බවද ඔහු කියයි.

