අලි දෙපිරිස දෙවිනුවරදිත් ගහ ගනිති


සජිත් ප්‍රේමදාස මහතා එජාප නායකත්වයට පත් කළ යුතු බවට සහාය පළ කරමින් මෛත්‍රී ගුණරත්න, ශීරාල් ලක්තිලක මහත්වරුන් ඇරැඹි පෙළපාලිය සහ මංගල සමරවීම මහතා ඇරැඹි පාගමනේ දෙපාරිසක් අතර ඇතිවූ ගැටුමෙන් මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත් චරිත් ඇතුළු දෙදෙනකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇතැයි දැනගන්නට ඇත.

දෙවුන්දරින් ඇරැඹි පෙළපාලියේ ආධාරකරුවන් අත කුරුඳු කෝටු තිබූ බවත්, වැල්ලමඩමින් ඇරැඹි පෙළපාලියේ ආධාරකරුවන් අත වෙනත් ලී තිබූ බවත් සිද්ධිය දුටුවෝ කියති.

දෙවිනුවරදී නැවතත් දෙපිරිස අතර ගැටුමක් ඇති විය.

දෙවිනුවරින් පෙළපාලිය ඇරැඹි පිරිසක් මංගල සමරවීර මහතාගේ ආධාරකරුවන් පැමිණි බසයකට පහරදීමෙන් අලාභ හානි සිදු විය.

දෙපාර්ශ්වයම මාතර බලා ගමන් ගනිති.