ආරච්චිකට්ටුව ප්‍රාථමික විදුහල අසළට වල් අලි දෙදනෙකු පැමිණීමෙන් ප්‍රදේශවාසින් කලබල වී ඇතැයි පොලිසිය කියයි. අලි දෙදෙනා මානාවේරිය වැව අසළ රැඳී සිටින බවත් දෙමාපියින් දරුවන් පාසල්වලින් රැගෙන යාමට උත්සාහ ගන්නා බවත් දැනගන්නට ඇත. මේ පිළිබඳ කලාප අධ්‍යාපන අධයක්ෂ සද්ධාමංගල සුබසිංහ මහතාගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ දරුවන් නිවසට යැවිම අනාරක්ෂිත බැවින් පාසල් වසා නොදමන බවයි. දෙමාපියන් පැමිණ දරුවන් රැගෙන යන්නේනම් එයට ඉඩදිය හැකි බව ද අධ්‍යක්ෂවරයා පවසයි.

