අලි ගොව්වෝ අස්ගිරියේ උද්ඝෝෂණයක


මහනුවර ඇසළ පෙරහැරේ ගමන්ගන්නා අලිඇතුන් රැකබලාගන්නා ඇත්ගොව්වන් හා ඔවුන්ගේ සහයකයින් 60 දෙනෙක් පමණ අද (28) පෙරවරුවේ අස්ගිරි මහානායක ගලගම අත්තදස්සී මහනාහිමි හමුවීමට පැමිණියහ.

අද (28) දළදා පෙරහැරේ  ගමන්ගන්නා අලිඇතුන් රැසක් අත්අඩංගුවට ගැනීමට යන බව පැවසෙන හෙයින් එසේ කිරීමට ඉඩනොදෙන්නැයි මහනායක හිමිගෙන් ඉල්ලා සිටීමට මෙසේ පැමිණි බව ඔවුහු කීහ.

අලිඇතුන් අත්අඩංගුවට ගනු ලැබුවහොත් තමන්ගේ රැකියාව අහිමිව යෑමේ අවදානමක් ඇතිවන බව ඔවුහු පැවසූහ.

කලින් වේලාවක් වෙන්කරගෙන තිබුණේ නම් තමන් හමුවට පැමිණීමට අවස්ථාවක් ලබාගත හැකිව තිබුණු බවත් දැන් වෙනත් වැඩකටයුත්තක් යොදාගෙන ඇති හෙයින් වෙනත් දිනයක පැමිණෙන ලෙසත් මහනාහිමියෝ ඔවුන්ට දැනුම් දුන්හ.

මහනාහිමියන් හමුවීමෙන් පසු ජනපති හමුවීමටත් අපේක්ෂාවෙන් සිටින බව ඇත්ගොව්වෝ පැවසූහ.

අලි රොෂාන් නැමති පුද්ගලයා අනවසරයෙන් ළග තබාගත් අලිඇතුන් පස්දෙන අත්අඩංගුවට ගන්නා ලෙස මින් පෙර අවස්ථාවකදී අධිකරණය රහස් පොලිසියට නියෝග කළේය.

elephants-280815-01 elephants-280815-02