(කාංචන කුමාර ආරියදාස)
අලි ඇතුන්ගෙන් හා වන සතුන්ගෙන් මිනිසුන්ට සිදුවන හානි සඳහා ගෙවන වන්දි මුදල් වැඩි කිරීමටත් විදුලි වැට ක්‍රියාත්මක කිරීම සඳහා යොදවා ඇති සිවිල් ආරක්ෂක භටයන් ඉවත් කිරීමටත් අලි ඇතුන් පැටව් හැත්තෑවක් වෙහෙර විහාරස්ථාන වලට ලබා දීමටත් සංචාරක සිත් සේ යොදවා ඇති අලි ඇතුන් සඳහා නීති පද්ධතියක් ක්‍රියාත්මක කිරීමටත් රජයේ අවධානය යොමුවී තිබේ.
බුද්ධශාසන වනජීවී හා තිරසර සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මෙම විශේෂ ප්‍රකාශය සිදුකරමින් කියා සිටියේ දැනට රට පුරා ඇති විදුලි වැටවල් අලුත් වැඩියා කිරීම සංරක්ෂණය කිරීම පැවරී ඇති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයන් ඉවත්කොට එම මුදල් ගමේ ජනතාවට ලබාදී විදුලි වැට ආරක්ෂා කිරීම ගමේ ජනතාව ට ලබාදීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට නියමිත බව ය.
එමෙන්ම වන සතුන්ගෙන් සිදුවන හානිය හා වගා විනාශයන් පිළිබඳව ලබාදෙන වන්දි මුදල රුපියල් ලක්ෂ 5 දක්වා වැඩිකිරීමට අමාත්‍යංශය තීරණය කොට ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. වගා වන්දි සඳහා අක්කරයකට රුපියල් විසිපන්දාහ බැගින් ගොවිජන රක්ෂණ මණ්ඩලය වන්දි මුදල් ලබා දීමටද අමාත්‍යංශය තීරණය කොට ඇති බව ඇමැතිවරයා සඳහන් කර සිටී.
මැතිවරණයෙන් පසු වෙහෙර විහාරස්ථානවලින් ඉල්ලූම් කොට ඇති අලි පැටවුන් 70ක් පමණ ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද මේ දිනවල එම වෙහෙර විහාරස්ථානවලට අලි ඇතුන් නඩත්තු කිරීමේ හැකියාවක් ඇත්දැයි සොයා බැලීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද එහි අනුමැතිය ලබාගැනීම සඳහා ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර ඇති බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
එමෙන්ම හීලෑ අලින් සංචාරක ක්ෂේත්‍රය සඳහා යොදවා තිබෙන බවත් හතර දෙනෙකුට වැඩිය අලි පිට මත සංචාරකයන් රැගෙන යෑම තහනම් කිරීම ද දවසේ පැය කිහිපයක් අලින්ට නිදහසේ සිටිමට අවකාශ ලබා දෙන නීති පද්ධතියක් හඳුන්වාදීමට පියවර ගන්නා බව ද ඇමතිවරයා සඳහන් කළේය.

