අලි ඇත්තු පවරන වැඩපිළිවෙළක් ළඟ ළඟම එයි


රජය සතු සියලුම හීලෑ අලි ඇතුන් රජමහා විහාරවලට හා පරම්පරාගත හීලෑ අලි හිමියන්ට හෝ කිසියම් පුද්ගලයකුට ලබා දීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකසන බව සංචාරක හා ක්‍රිඩා නියෝජ්‍ය අමාත්‍ය  වසන්ත සේනානායක මහතා කියයි.

දැනට නොදැනුවත්ව හෝ ව්‍යාජ බලපත්‍ර හා කූඨ ලේඛන සාදා අලි ඇතුන් ළඟ තබාගෙන සිටින පුද්ගලයින්ගෙන් එම අලි ඇතුන් වනජීවී භාරයට ගෙන ඇති අතර පෙරහර මංගල්‍ය සඳහා හෝ රජමහා විහාර වලට, පරම්පරාගත හීලෑ අලි හිමියන් හා නොයෙකුත් ධානපතියන් අලින් ඉල්ලා සිටියත් එම සතුන් හට අවශ්‍ය පෝෂණය, ව්‍යායාම, ‍වෛද්‍ය පහසුකම්, නඩත්තු කිරීමේ හැකියාව වැනි ප්‍රධාන නිර්නායකයන්ට යටත්ව ජාතික ප්‍රතිපත්තියක් සාදා ලබාදිම සඳහා ඒ සම්බන්ධව ක්‍රමවේදයක් මේ වන විට සකසමින් ඇති බවත් නොබෝ දිනකින්ම ඒ සම්බන්ධව ක්‍රියා මාර්ගයක් ගන්නා බව අමාත්‍යවරයා පැවැසීය.