අලි අනතුරක් අත ළඟ ?


වයඹ වනජීවී කලාපයේ ඇහැටුවැව නාකොළගනේ අලින්ගේ වාසස්ථාන ලෙස සැළකෙන වනාන්තර එළි පෙහෙළි කිරීමෙන් ඒ අවට පදිංචි ගොවිජනතාව දැඩි ජීවිත අවධානමකට ලක්ව ඇතැයි පරිසරවේදීහු පෙන්වාදෙති. මෙම ප්‍රදේශය අලි ඇතුන්ගේ හා වෙනත් වන සතුන්ගේ නිජබිමක් ලෙස පාරිසරික වැදගත්කමක් ලබා ඇති පෙදෙසකි.

පරිසරවේදින් පෙන්වාදෙන්නේ කුඹුරු අක්කර 2400ක් පමණ වගාකටයුතු සිදුකරන මේ ප්‍රදේශයේ ගොවි පවුල් 1050ක් පමණ ජීවත්වන බවයි. වනජීවී දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව වයඹ වනජීවී කලාපයේ අලි ඇත්තු 1189 ක් සිටිති. ඔවුන්ගෙන් සියයට 80 ක් පමණ දිවි ගෙවන්නේ වනජීවී රක්ෂිතවලින් බැහැර වනගත පෙදෙස්වල බව ද පරිසරවේදීහු පවසති.

ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ සුපුන් ළහිරු ප්‍රකාශ් මහතා පවසන්නේ ගැමියන් ජල අවශ්‍යතා සපයාගන්නා පාළුකඩවල ජලාශය අවට පමණක් අලි ඇතුන් 300ක් පමණ සැරි සරණ බවයි.

??????????????????????????????? 11.2 23.1 Nakolagane issue (8)