අල්ලස් කොමිසමට අලුතින් ලැබී ඇති පැමිණිලි 200ක් පමණ කොමිසම අක්‍රීයවීම නිසා විමර්ශනයට ගත නොහැකිව කොමිසමේ හිරවී ඇතැයි එම කොමිෂන් සභා ආරංචි මාර්ග කියයි.
මේ පිළිබඳ අල්ලස් කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු ජගත් බාලපටබැඳි මහතාගෙන් විමසීමේ දී ඔහු කීවේ කොමසාරිස්වරයකු ඉවත්වීමෙන් කොමිසම අක්‍රීය වී ඇති නිසා අලුත් පැමිණිලි විභාග කිරීමට තමාට නියෝග දිය නොහැකි බවයි.

