(මනෝප‍්‍රිය ගුණසේකර)
අල්ලස් චෝදනාවන්ට ලක්වුවන් වැඩිම පිරිසකට දඬුවම් නියම කොට ඇත්තේ ද අල්ලස් නඩු වැඩිම ප‍්‍රමාණයක් විභාග කොට අවසන් කොට ඇත්තේද පසුගිය මාස නවයක කාලය තුළ දී බව අල්ලස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
පසුගිය මාස නවයක කාලය තුළදී අල්ලස් නඩු 60ක් විභාග කොට අවසන් කර ඇති බවත් එහිදී අල්ලස් චෝදනාවන්ට ලක්වුවන් 34 දෙනකුට දඬුවම් නියම කොට ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
2014 වසරේදී අල්ලස් නඩු 58ක්ද, 2015 වසරේදී අල්ලස් නඩු 52ක්ද, 2016 වසරේදී අල්ලස් නඩු 34ක්ද, 2017 වසරේදී අල්ලස් නඩු 60ක්ද අවසන් කොට ඇතැයි කී එම නිලධාරියා අල්ලස් චෝදනාවන්ට ලක්වුවන් අතුරින් 2014 වසරේදී 22 දෙදෙනෙකුටද, 2015 වසරේදී 15 දෙදෙනෙකුටද, 2016 වසරේදී 15 දෙදෙනෙකුටද, 2017 වසරේදී 34 දෙදෙනෙකුටද දඬුවම් නියම කොට ඇතැයි පෙන්වා දුන්නේය.

