ඩී.ජී.සුගතපාල
අල්ලස නිසා අපේ රට ජාත්‍යන්තර වශයෙන් අවමානයට හා විවේචනයට ලක්ව ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවේ සභාපති නෙවිල් ගුරුගේ මහතා කියා සිටියේය.
අල්ලස් හෝ දූෂණ වැළැක්විමේ ජාතික ක්‍රියාකාරි සැළැස්ම සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින් , සිවිල් සංවිධාන නියෝජිතයින් දැනුම්වත් කිරිම හා ඔවුන්ගේ අදහස් ලබා ගැනීම සඳහා අද (25) පොල්වතුමෝදර පැවති වැඩමුළුවකදි ඒ මහතා මේ බව පැවසීය.
එහිදි ඒ මහතා කියා සිටියේ මෙතෙක් අල්ලස් චෝදනා ලැබි නැත්තේ හෙදියන්ට පමණක් බවය. අල්ලස හිත සමඟ පවතින ගණුදෙනුවක් බවත් හිත දූෂිත වුවිට අල්ලස් ගැනීමට පෙළඹෙන බවත් ඒ මහතා කියා සිටියේය.
පසුගිය දිනක ඉහළම නිලධාරින් දෙදෙනෙකු රුපියල් කෝටි පනස් හතරක අල්ලසක් ඉල්ලා අත්තිකාරම් ලෙස කෝටි දෙකක් ලබා ගනිද්දි අත් අඩංගුවට ගත් බවත් මෙතරම් මුදල් රැස් කරන්නේ කොහේ තියන්නදැයි විමසා සිටි ඒ මහතා ඉදිරියේදි විමර්ශන නිලධාරින් සඳහා පොලිස් නිලධාරින් වෙනුවට උපාධිධාරින් පනහක් බඳවා ගන්නා බවත් ඒ මහතා කියා සිටියේය.