(මනෝප්‍රිය ගුණසේකර)
ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් කිරීමට සහ පදිංචි සහතිකයක් නිකුත් කිරීම සඳහා රුපියල් 25000ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 20000ක් ලබාගනිද්දී කොල්ලුපිටිය වැඩ බලන ග්‍රාම සේවා නිලධරයා අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
සැකකරු බම්බලපිටිය ග්‍රාම සේවා නිලධාරිවරයා ලෙස කටයුතු කරන බවත් ඔහු ග්‍රාම සේවා කාර්යාලයේ සේවකයකු මගින් අදාළ අල්ලස ලබාගනිද්දී අත්අඩංගුවට ගත් බවත් පැවසූ අල්ලස් කොමිසමේ නිලධාරියකු සැකකරු මීට පෙර අවස්ථාවක රුපියල් 5000ක මුදලක් පැමිණිලිකරුගෙන් ලබාගෙන ඇති බවද පැවසීය.

