අල්ලස් ගත්තැයි ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී - දැව සංස්ථා සභාපති අත්අඩංගුවට


 ඉන්දිකා රාමනායක සහ නිමන්ති රණසිංහ   
 
මෙරට දී ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘතියක්  සඳහා  පිටරට සමාගමකින්  රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්  ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානි  ආචාර්ය අයි එච් කේ මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී දිසානායක  යන මහත්වරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද  පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූහ.
 
අල්ලස් කොමිසම   මොවුන් දෙදෙනා   අත්අඩංගුවට ගෙන ඇත්තේ  කොළඹ ප‍්‍රධාන පෙළේ  තරුපහේ හෝටලයක් තුළ දීය.