(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
කොළොන්න සමෘද්ධි බැංකුවෙන් රුපියල් පහළොස් දහසක ණය මුදලක් අයදුම්කළ සමෘද්ධිලාභියෙකුට එය ලබාදීම කඩිනම් කිරිම සඳහා රුපියල් දෙදහසක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් දහසක් ගනිද්දී පසුගිය සෙනසුරාදා (16) අල්ලස් හෝ දුෂණ මර්දන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ සමෘද්ධි සංවර්ධන නිලධාරයෙක් මේ මස 20දා තෙක් රිමාන්ඞ්භාරයේ තැබීමට ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත්වරයා නියම කළේ ය.
මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ කොළොන්න ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන පෝරුව වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරී ජී. විජේරත්න යන අයයි.
කොළොන්න ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට සමෘද්ධි බැංකුව අසලදී මෙම අල්ලස් මුදල ලබාගනිද්දී අල්ලස් හෝ දුෂණ මර්ධන කොමිසමේ නිලධාරීන් විසින් සැකකරු අල්ලාගෙන තිබුණි.
ඒ අවස්ථාවේ සැකකාර සමෘද්ධි සංවර්ධන නිලධාරියා එම රුපියල් දහසේ මුදල් නෝට්ටුව ගිල දැමීමට උත්සාහ ගෙන තිබුණි.