අල්ලස් ගත් විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට


(පැතුම් දර්ශන)
 
ළමයකු පාසලට ඇතුළත් කරගැනීම සඳහා රුපියල් පන්දහසක අල්ලසක් ගත් හොරව්පොතාන විදුහලක විදුහල්පතිවරයකු අද (31) විදුහල් කාර්යාලය තුළදී අල්ලස් හා දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගෙන  ඇත.
 
හොරොව්පොතාන මොරවැව ප්‍රදේශයෙ පදිංචි කාන්තාවක විසින් අල්ලස් හා දූෂණ මර්ධන අංශයට කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.