අල්ලස් ගත් විදුහල්පති අත්අඩංගුවට


(ඉන්දිකා රාමනායක)
 රුපියල් 8000 ක අල්ලස් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් දෙයින්දර මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා සිය කාර්යාලයේ දී  අද  (12)  අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම  අත්අඩංගුවට ගත් බව එම කොමිසම කියයි.
 
මුලටියන ප‍්‍රදේශයේ සිසුවියක්  දෙයියන්දර  මධ්‍ය මහා විද්‍යාලයේ 6 වැනි ශ්‍රේණියට ඇතුළත්  කිරීම සදහා විදුහල්පතිවරයා සිසුවියගේ  මවගෙන් රුපියල් 15000 ක  අල්ලස් මුදලක් ඉල්ලා ඇති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි‍්‍රයන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය.
 
  එම 15000 ක මුදලින්   රුපියල් 7000 ක මුදලක් ඉකුත් 10 වැනි දින  සැකකරු පැමිණිලිකාරියගෙන්  ලබාගෙන ඇති බවද  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි‍්‍රයන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය.
 
ඉතිරි මුදල වු රුපියල් 8000  රැගෙන  අද  පෙරවරුවේ කාර්යාලය පැමිණෙන ලෙසට විදුහල්පතිවරයා දැනුම් දී ඇති අතර පැමිණිලිකාරිය සිද්ධිය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණිලි කර තිබුණි.