(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
මෝටර් රථවාහන අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ලබාගත් බවට චෝදනා ලැබ සිටින රේගු අධිකාරීවරු සිව්දෙනාට ලබන 15 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (7) සිතාසි නිකුත් කළේය.
දැනට මියගොස් සිටින නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක මහතා සමඟ එක්ව ශ්‍රීලංකා රේගුවේ සහකාර රේගු අධිකාරී උපාලි ගුණරත්න පෙරේරා, රේගු අධිකාරී වසන්ත විමලවීර, රේගු අධිකාරී උපාලි සෙනරත් වික‍්‍රමසිංහ සහ රේගු අධිකාරී සුජීව පරාක‍්‍රම ජිනදාස මහත්වරු මෙලෙස චෝදනා ලැබ සිටිති.
මෝටර් රථවාහන අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරිකයකු වන බන්ධුල සේන මහතා විසින් අල්ලස් කොමිසමට පැමිණිලි කොට ඇත.

