අල්ලස් ගත් භාෂා පරිවර්තකයාට සිරදඬුවම්


(මනෝප්‍රිය ගුණසේකර)

 

නඩු වාර්තාවක පිටපතක් කඩිනමින් ලබාදීම සහ පුද්ගලයකුගෙන් රුපියල් 3,000/-ක අල්ලසක් ගත් හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයේ හිටපු භාෂා පරිවර්තකවරයාට වසර 2 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියෝග කළේය.

ඔහු අල්ලස්  වශයෙන් ලබාගත් රුපියල් 4,000/-ක මුදල දඩයක් ලෙස අයකර ගැනීමට ද නියම කළේය.

ඊට අමතරව රුපියල් 4,000/-ක දඩයක් ද නියම කළ විනිසුරුවරයා එම දඩ මුදල නොගෙවුවහොත් අමතර මාස 8ක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක් ද නියම කළේය.

චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයේ භාෂා පරිවර්තක ලෙස කටයුතු කළ කීර්තී පේ‍්‍රමරත්න ප‍්‍රනාන්දු නමැත්තාටය.