(ඉන්දිකා රාමනායක)
රථවාහන අනතුරක් සම්බන්ධයෙන් පොලිසිය බාරයේ ඇති රියදුරු බලපත‍්‍රයක් මුදා හැරීමට රුපියල් 3000 ක අල්ලස් ලබාගත් පොල්ගහවෙල පොලිසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් තිදෙනක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් තිදෙනා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු දෙසැම්බර් 20 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අද (15) නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් කෙරුණේ පොලිස් සැරයන් කිරිවත්තුඩුවගේ ප්‍රේමරත්න හා කොස්තාපල්වරුන් වන නන්දන පුෂ්පකුමාර,රංගලගේ උපුල් ප්‍රදීප් යන තිදෙනො වේ.

