අල්ලස් ගත් පොලිස් සැරයන් අත්අඩංගුවට



 
 
බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
රථ වාහන වැරැද්දක් සම්බන්ධයෙන් පොලිසිය බාරයට ගත් රියදුරු බලපත්‍රයක් නැවත එම පුද්ගලයාට ලබාදීම සඳහා රුපියල් දහසක අල්ලස් ලබාගත් කිරිබත්ගොඩ පොලිසියේ රථවාහන අංශයේ  පොලිස් සැරයන්වරයකු මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පවසයි.


සැකකාර සැරයන්වරයා අද (20) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.