
(සුමිත් පොතුපිටිය)
කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රයක් පාවිච්චි කළ පුද්ගලයකු අධිකරණ කටයුතු වලින් තොරව මුදාහැරීමට රුපියල් 5000 ක අල්ලසක් ගත් බව කියන පොලිස් සැරයන්වරෙයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර දකුණ පොලිස් ස්ථානයට අනුයුක්තව නාගොඩ පොලිස් මාර්ග බාධකයේ රාජකාරි යොදවා සිටි පොලිස් සැරයන් වරයකු බව පොලිසිය පවසයි.
සැකකාර පොලිස්සැරයන් වරයා කළුතර නාගොඩ හන්දියේ මාර්ග බාධකයක රාජකාරි කරම්න් සිටියදී කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රයක් පාවිච්චි කළ පුද්ගලයකු පොලිස් බාරයට ගෙන ඔහු අධිකරණයට ඉදිරිපත් නොකොට මුදාහැරීම සදහා රුපියල් 5000 ක අල්ලස් මුදලක් ලබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන තිබූ බව පොලිසිය සදහන් කරයි.

