අල්ලස් ගත් තක්සේරු නිලධාරියාට වසර 14ක සිර දඬුවම්


(මනෝප්‍රිය  ගුණසේකර)


 කොළඹ දිසා අධිකරණයේ  පුද්ගලයකුට පවරා ඇති නඩුවකින් ගැලවීම සඳහා  ලිපියක් දෙන බව පවසා  රුපියල් 15000  මුදලක්  ඉල්ලා ලබා ගත්තැයි  වරදකරු වු දේශිය ආදයම් දෙපාර්තමේන්තුවේ අනුරාධපුර පළාත් කාර්යාලයේ තක්සේරු නිලධාරියකු  ලෙස කටයුතු කළ  පුද්ගලයකුට වසර 14 ක  සිර දඬුවමක්  නියම කළ කොළඹ මහාධිකරණ  විනිසුරු සම්පත්  විජේරත්න මහතා  ඔහුට රුපියල් 9000 ක දඩයක් නියම කළේය.


 ඔහු අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 15000 ක මුදල  දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.


 මෙලෙස දඩුවම් නියම වුයේ දේශිය ආදයම් දෙපාර්තමේන්තුවේ අනුරාධපුර පළාත් කාර්යාලයේ තක්සේරු නිලධාරියකු  ලෙස කටයුතු කළ  ජනක බණ්ඩාර දසනායක නම් තැනැත්තෙකුටය.