(අමදෝරු අමරජීව)
කුඹුරු අක්කර තුනක් සඳහා බලපත්‍රයක් සකස් කර දීමට රුපියල් 30,000/-ක අල්ලසක් ගත් අග්බෝපුර ජනපද නිලධාරියා ලබන 26 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කන්තලේ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තුසිත ධම්මික උඩුව විධාන මහතා නියම කළේය.
මෙසේ බන්ධනාගාර ගත වුයේ කන්තලේ සහකාර ඉඩම් කොමසාරිස් කාර්යාලයට අනියුක්තව අග්බෝපුර ජනපද නිලධාරි කාර්යාලයේ සේවයේ නියුතු ජනපද නිලධාරි ආර්.එම්.ගාමිණි රත්නායක (57) අය වේ.
සැකකරු මැදිරිගිරියේ පදිංචි අයෙකු වන අතර ඔහු තම කාර්යාලයේ දී ඉඩම් බලපත්‍රයක් සකස් කර දීමට රුපියල් 300,000/-ක අල්ලස් මුදලක් ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ වැටලිම් නිලධාරින් අධිකරණය හමුවේ පැවසීය.
වැටලීම් නිලධාරින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව සැකකරු ලබන 26 වැනි දා කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ත්‍රිකුණාමලය බන්ධනාගාර අධිකාරිවරයාට මහේස්ත්‍රාත් නියෝග කළේය.