අල්ලස් ගත් ග්‍රාමසේවක යළි රිමාන්ඩ්


ප්‍රංශයේ වාසය කරන ඥාති සොහොයුරකුගේ පෙර පදිංචිය තහවුරු කැරෙන සහතිකයක් ගැනීමට ගිය විශ්වමඩු වැසියකුගෙන් රුපියල් 25,000 ක අල්ලසක් ගත්තැයි කියන විශ්වමඩු ග්‍රාම සේවක නිලධරයෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් යළි රිමාන්ඩ් කරනු ලැබීය.

එම්.රාජ්නි කාන්තන්ගෙන් අල්ලස ගනිද්දී සුබ්‍රමනියම් සේවනායගම් නම් ග්‍රාමසේවක අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට කීවේය.