(නිමන්ති රණසිංහ)
ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් කිරීමට අල්ලස් ගත් බව කියන බම්බලපිටිය ග්‍රාම නිලධරයා සහ අල්ලස් ලබාගැනීමට සහාය වූ පුද්ගලයා ලබන 7වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද(24) නියෝග කළේය.
ඊයේ(23) අල්ලස් ගනිද්දී අල්ලස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ චන්දන බණ්ඩාර ඒකනායක යන ග්‍රාම නිලධරයා සහ ඔහුගේ සහායකයකු වන රෙංගසාමි චන්ද්‍රකුමාර එසේ රිමාන්ඩ් කෙරිණි.

